Friday, May 15, 2020

කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය - භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය


පාඩම - රත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

          (8 ශ්‍රේණියට නියමිත)

දිනය - 2020-05-02
වේලාව - ප.ව‍ 2.00 - ප.ව.03.30


මෙහෙයවීම - කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය
                     කැල/බියගම ම.ම.විද්‍යාලය




ආයුබෝවන් දුවේ, පුතේ...

අපි අද ඉගෙන ගන්නේ භාරතයේ පවතින නර්තන සම්ප්‍රදායක් පිලිබදවයි. 8 ශ්‍රේණියට නියමිත භරත නාට්‍යම් නර්තනය . මෙය ඔබගේ නර්තන  දැනුම යාවත් කාලින කර විමකි




දරැවනේ දැන් අපි භරත නාට්‍යම් නර්තනය පිලිබද සැකසුණු විඩියෝ දර්ෂණයක් නරඹමු









දුවේ , පුතේ භරත නාට්‍යම් සම්ප්‍රදායේ ප්‍රභවය පිලිබද දැන් අපි ඉගෙන ගනිමු








භාරතයේ හින්දු ජනයා ඉතා ගෞරව භක්තියෙන් යුතුව දෙවියන් පිදිම සිදු කරනවා. අතිතයේදි දෙවියන් මල් පහන් වලින් පිදිමට, දෙවියන් ඉදිරියේ නර්තනය දක්වා දෙවියන් 
පිදිම උදෙසා දේවදාසින් සිට ඇත

භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායේ මුලාරම්භය මෙම දේවදාසින් . මේ අයගේ නර්තනය දාසි ආට්ටම කියලා හදුන්වලා තියනවා



දේවාල වල දාසින් සතුව තිබුණ නර්තනය අද පවත්නා තත්වයට ගෙන ඒමේ පුරෝගාමින් වන්නේ මෙන්න මේ 4 දෙනා

අරංගේත්‍රම් සංදර්ශනයක පවත්නා නර්තන අනුපිලිවෙල සකස් කරනු ලැබුවේ මෙම තාන්ජාවුර් සහේදරයන් විසින්

මිට අමතරව දරැවනේ මොවුන් භරත නාට්‍යම් නර්තනය උදෙසා, ගිත රචනා කිරිම, සංගිත නිර්මානය, නර්තන නිර්මාණය මෙන්ම දක්ෂ ශිෂ්‍ය පරම්පරාවක්ද බිහිකරා

                                                    මොවුන් ඉතා දක්ශ ගුරුවරුන්





භාව, රාග තාලය තුලින් නිර්මානය වු භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදායේ සංගිතය පිලිබද දැන් අපි ඉගෙන ගනිමු


භරත නාට්‍යම් දක්ෂින භාරතයේ ප්‍රචලිත නර්තන සම්ප්‍රදායක් නිසා සංගිත සම්ප්‍රදාය වන්නේ දක්ෂිණ භාරතිය කර්ණාටක සංගිතයයි



නට්ටුවනාර් විසින් නර්තන ශිල්පිනියට සිය නර්තනය ඉදිරිපත් කිරිමට පද කොටස් (ගේය පද) කිම සොල්ලුකත්තු යනුවෙන් හදුන්වයි









 භරත නාට්‍යම් ඉගෙනිමට පැම්නෙන ආදුනික නැටුම් ශිල්පියා ප්‍රථමයෙන් ඉගෙන ගත යුතු නර්තන ඉරිව්ව  අරමණ්ඩියයි

ඉන් අනතුරැව නර්තන සම්ප්‍රදායට අදාල නමස්කාරය සිදු කර මුලික සරඹ නර්තනය සිදු කරයි.
 සරඹ නර්තනය ඉතා හොදින් පුරැදු පුහුණු විමෙන් අනතුරැව අඩව් නර්තනය සිදුකරයි. අඩව් වර්ග කිහිපයක් ඇත. ඉන් අනතුරැව හස්ත මුද්‍රා ප්‍රභේද ඉගෙන ගත් පසු ශිෂ්‍යාට නර්තන අංග ඉගෙනිමට අවස්ථා හිමිවේ.



                                                                        අලාරිප්පු


ජතිස්වරම්


ශබ්දම්


 වර්ණම්


පදම්


තිල්ලානම්



























 මෙම ආභරන වලින් හින්දු මනමාලියක මෙන් නර්තන ශිල්පිනිය හැඩගන්වයි.

 ඔබට භරත නාට්‍යම් පාඩම ඉතා හොදින් අවබෝධ වන්නට ඇත


No comments:

Post a Comment

කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය - භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

පාඩම -  භ රත නාට්‍යම් නර්තන  සම්ප්‍රදාය           (8 ශ්‍රේණියට නියමිත) දිනය - 2020-05-02 වේලාව -  ප.ව‍ 2.00 -  ප.ව.03 .30 මෙහෙයවීම  ...