පාඩම - නර්තන කලවේ නූතන ප්රවණතා
දිනය - 2020-05-05වේලාව - ප.ව 2.00 - ප.ව.03.30
මෙහෙයවීම - දර්ශන හේවාවිතාරණ ගුරුතුමා
කැල/ශ්‍රී ධීරානන්ද
විිද්යායතන පිරිවෙන
දැන් ඔයගොල්ලො මාව අදුර ගත්තනේ.ඔයාල සියලු දෙනාට සුභ සැන්දෑවක් .
ඔයාලට පුංචි වීඩියෝ එකක් මම එවන්නම් ඒක බලලම අපි පාඩමට පිවිසෙමු.
නූතනය වන විට අපේ නැටුම් මේ තත්ත්වයෙන් පවතිනවා. මේ ආ ගමන් මග ගැන පුංච් කතා බහක් කිරීමට තමා මම අද මෙම පාඩමෙන් බලාපොරොත්තුව වෙන්නේ
අපේ නැටුම් වලට ලොකු ඉතිහාසයක් තියනවා . අපේ නැටුම් බිහි උනේ පූජාර්තය මුල් කරගෙන .ඒතුළ විනෝදාස්වාදයත් නොතිබුණාම නොවේ .යාග බිමේ අපේ නැටුම් මෙන්න මෙහෙමයි තිබුනෙ බලන්නකෝ....
ශාන්තිකර්මයේ තිබූ නැටුම් පෙරහැරට ආවා. අපේ රට නිරන්තයෙන් විදේශීය
ආක්රමණයන්ට ලක් වූ රටක් නිසා දකුණු ඉන්දීය ආභාෂය හා යුරෝපීය ආභාෂයට නතු වුනා.එහි ප්‍රතිඵලයක් ලෙස කෝට්ටේ,මහනුවර යුග වලදී රාජ සභා නර්තන බිහි වුනා. ඒවගේම යූරෝපීය ආභාෂය නිසා සමාජ නර්තනත් බිහි වුනා.ඒවගේම අපේ ශාන්තිකර්ම වල තිබූ නැටුම් විදේශීකයන්ට නොයෙකුත් ස්ථානය වල පෙන්නුවා.
මෙන්න මේකාලය වන විටදි තමා මෙයා ලංකාවට අවේ
මෙතුමා ගැන ඔයාලට වැදගත්කම වෙන වීඩියෝවක් මම එවන්නම්. එම වීඩියෝවෙ හොදින් සවන්දෙන්න.
ඉහත රූපය මම කලින් විඩියෝවෙන් උපුටාගත්තේ. එහි අවසාන කරුණ පාඩමට අතිශයින් වැදගතය.
නූතන ප්‍රවණතාවල හොද හා නරක දෙකම ගැබ්ව පවතිනවා.නූතනයේ හොද ප්රවණතාවන් කියන්නෙ මොනවද බලමු.
කලින් වීඩියෝ එක ඇහැ කණ ඇරගෙන බලන්න ඇති නේද අපේ නැටුම් ලෝකෙ නැටුම් සම්ප්‍රදායන් එක්ක ගණුදෙනු කරන හැටි බලන්න
ඒවගේම අපේ සංස්කෘතියට හානි නොවෙන අකාරයෙන් විනයානුකූලව නැටුම වේදිකාවට ගෙන ඇති අයුරු බලන්නකෝ...
ඉහත කරුණු පිළිබද පහත විඩියෝවෙන් අද්යනයක යෙදෙන්න
මේක ඔයාල පාඩම පටන් ගද්දිත් බලන්න ඇති.ඉහත කරුණු පිළිබද අද්යනයක් කරන්න හොද නිර්මාණයක් විදිහට මම හිතනව අපේ ලංකාවෙන් බිහි වුණු.
ලෝකය තුළත් ඉතා උසස් නිර්මාණය බිහි වෙලා තියනවා පහත විඩියෝවත් බලන්නකෝ...
මේ ඔයාල ඔක්කොම බලල තියන ලොව ප්‍රසිද්ධ Lion King කාටුන් එක දැක්කද නවීණ තාක්ෂණය උපයෝගී කරගෙන වේදිකාවට ගෙන ඇති ආකාරය.ලංකාවේ මේ වගේ එකක් කවදා බිහිවෙයිද?
අලුතින් හිතල අපේ සම්ප්‍රදායික දේවල් වේදිකාවට ගෙන ඇති අකාරය බලන්නකෝ .
ඉහත නිර්මාණය චන්න විජේවර්ධන සර් කරේ අපේ සම්ප්‍රදායික නාග ගුරුළු නැටුම පාදක කරගෙන. මේක නේද විය යුක්තේ
අපේ නැටුම් අදවෙන විට සමහර ආයතනය තුළ මේ තත්ත්වයෙන් පැවතුණත් මුලු රට පුරාම මේ තත්ත්වයට තියනවද කියන එක ප්‍රශ්නයක් . ඒවලි වැඩක් නෑ පඩමට එමුකො.
ඔයගොල්ලන්ට විෂය නිර්දේශයට අදාළ ව තිබෙන සටහන මම එවන්නම්.මම ඉහත කතා කරපු කරුණුත් මදක් හිතන්න. විභාගයට අදාළ වෙන්නෙ මම දාන මෙම සටහන.
ඉහත සටහන පිළිබද සොයන් අධ්‍යනයක යෙදී පොතේ සටහන් කර ගන්න
No comments:
Post a Comment